පන්සලකින් මියගිය ව්‍යාඝ්‍රයන් 40ක් හමුවෙයි

Wednesday, 01 June 2016 - 15:21

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B6%BD%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9D%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+40%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
වන සතුන් ජාවාරම් කරන බවට චෝදනා එල්ලවූ තායිලන්ත විහාරස්ථානයේ අධිශීතකරණයක් තුළ තිබී ව්‍යාඝ්‍ර පැටවුන් 40 දෙනෙකුගේ මළ සිරුරු සොයාගෙන තිබෙනවා.

මෙම විහාරස්ථානයේ ව්‍යාඝ්‍රයන් 137 දෙනෙකු රඳවා සිටි අතර, පරිසර ක්‍රියාකාරීන්ගේ බලපෑම් හේතුවෙන් පෙරේදා සිට එම ව්‍යාඝ්‍රයන් ඉවත් කිරීමට එරට බලධාරීන් පියවර ගත්තා.

මේ වනවිට ව්‍යාඝ්‍රයන් 40 කට වැඩි සංඛ්‍යාවක් තායිලන්ත වනජීවී නිලධාරීන් තම භාරයට ගෙන ඇති බව විදෙස් වාර්තා ප්‍රකාශ කළා.

මේ අතර ව්‍යාඝ්‍ර පැටවුන්ගේ සිරුරු හමුවූ අධි ශීතකරණ තුළ වෙනත් සතුන්ගේ සිරුරු කොටස්ද තිබූ බවට වාර්තා පළවනවා.

දම්වැල් වලින් ගැට ගැසූ ව්‍යාඝ්‍රයන් සමඟ ඇවිදීමට සහ ඡායාරූප ගැනීමට සංචාරකයන්ට අවස්ථාව ලබාදී මෙම විහාරස්ථානයේ භාරකරුවන් වසරකට ඇමරිකානු ඩොලර් 50 ලක්ෂයකට වැඩි මුදලක් ලබාගෙන ඇති බවටද චෝදනා එල්ලවීම විශේෂත්වයක්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories