රැකවරණ පතා විදේශගතවූ පුද්ගලයින්ට සහනයක්

Thursday, 02 June 2016 - 8:42

%E0%B6%BB%E0%B7%90%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B6%AB+%E0%B6%B4%E0%B6%AD%E0%B7%8F+%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%9C%E0%B6%AD%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
යුද ගැටුම් සහ දේශපාලනික බලපෑම් හේතුවෙන් විදෙස් ගතව සිටින ශ්‍රී ලාංකිකයන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී කලක සිට පනවා තිබූ රෙගුලාසි ඊයේ සිට ඉවත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

යුද ගැටුම් සහ දේශපාලන බලපෑම් මත ශ්‍රී ලංකාව හැරගිය පුද්ගලයින්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීමේදී පිළිපැදිය යුතු රෙගුලාසි මාලාවක් විදේශ අමාත්‍යාංශය විදෙස් රටවල පිහිටි තානාපති කාර්යාලවලට නිකුත් කර තිබුණේ 2011 වසරේදියි.

ඒ යටතේ සරණාගතභාවය හෝ රැකවරණය  හිමිවූ ශ්‍රී ලාංකිකයන්ට එම රටවලින් ගමන් බලපත්‍ර නිකුත් නොකරන ලෙසට එවකට විදේශ අමාත්‍යාංශය අදාළ තානාපති කාර්යාලවලට දැනුම්දී තිබුණා.

 මෙම වාතාවරණය යටතේ එම ශ්‍රී ලාංකිකයින්ට නැවත මෙරටට පැමිණීමේදී ගැටළුකාරී තත්ත්වයකට මුහුණපෑමට සිදුව ඇති අතර ඒ අනුව එකී සීමාවන් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories