රෝහල් ගතව සිටි හොරොව්පතාන OICගේ බිරිඳත් මියයයි

Thursday, 02 June 2016 - 8:55

%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%AD%E0%B7%80+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB%E0%B7%9C%E0%B7%80%E0%B7%8A%E0%B6%B4%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1+OIC%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
සිය බෑණාගේ පිහි ප්‍රහාරයකට ලක්ව බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටි අනුරාධපුරය - හොරොව්පතාන පොලිස් ස්ථානාධිපතිගේ බිරිඳ ඊයේ රාත්‍රියේ මියගොස් තිබෙනවා.

පසුගිය 25 වනදා රාත්‍රියේ හොරොව්පාතන පොලිස් ස්ථානාධිපතිවරයාගේ බිරිඳට සහ දියණියට ඔහුගේ බෑණා විසින් පිහි  ප්‍රහාරයක් එල්ල කර තිබුණා.

එහිදී ස්ථානාධිපතිවරයාගේ දියණිය මියගිය අතර බිරිඳ බරපතල තුවාල ලබා ප්‍රතිකාර ලබමින් සිටියේ අනුරාධපුර රෝහලේයි.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය දියණියගේ සැමියා අත්අඩංගුවට ගෙන පසුව රක්ෂිත බන්ධනාගාර ගතකරනු ලැබුවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories