කොටි පැටවුන්ගේ මරණ ගැන තායි විහාරස්ථානයට නඩු

Thursday, 02 June 2016 - 13:56

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%92+%E0%B6%B4%E0%B7%90%E0%B6%A7%E0%B7%80%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1++%E0%B6%AD%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B6%B1%E0%B6%A9%E0%B7%94
තායිලන්තයේ කාංචන්බූරි ප්‍රාන්තයේ පිහිටි සුප්‍රකට ටයිගර් ටෙම්පල් හෙවත් සජීවී කොටින් 137  දෙනෙකු සිටින විහාරස්ථානයේ කොටි පැටවුන් රැසක් මියයෑම සම්බන්ධයෙන් නඩු පැවරීමට තායි වනජීවී බලධාරීන් සැරසෙනවා.

විහාරස්ථානයේ සිටි කොටින් ඉවත් කරගැනීම සඳහා පසුගිය සඳුදා සිට මෙහෙයුමක් ක්‍රියාත්මක වන අතරතුරයි අධිශීතකරණයක සිටි මළ කොටි පැටවුන් 40 දෙනෙකුගේ සිරුරු සොයාගැනුනේ.

කොටි පැටවුන්ගේ සිරුරු කළින් මිහිදන් කළද 2010 වසරේ සිට එම පිළිවෙත නතර කළ හෙයින් මෙලෙස පැටවුන්ගේ සිරුරු එක් රැස් කොට තැබූ බව විහාරස්ථානයේ බලධාරීන් ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේ නමුත් ආසියාකරයේ වාජීකරණ ඖෂධ සඳහා කොටින්ගේ කොටස් යොදාගැනීම හේතුවෙන් එම තර්කය බලධාරීන් මෙතෙක් පිළිගෙන නැහැ.

තායිලන්තයට පැමිණෙන සංචාරකයන් අතර ප්‍රකට ටයිගර් ටෙම්පල් හි කොටින් සමඟ ඡායාරූප ගැනීමට මුදලක් අය කර තිබුණේ ද එරට පවතින නීතියට පටහැනිවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories