පාසැල් සිසුවා පැදවු යතුරුපැදිය ලොරියක ගැටෙයි (ඡායාරූප)

Thursday, 02 June 2016 - 15:38

%E0%B6%B4%E0%B7%8F%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%80%E0%B7%94+%E0%B6%BA%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B6%B4%E0%B7%90%E0%B6%AF%E0%B7%92%E0%B6%BA+%E0%B6%BD%E0%B7%9C%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%9A+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේදී සිදුවු යතුරුපැදි අනතුරකින් පාසැල් සිසුවකු බරපතල තුවාල ලබා තිබෙනවා.

හැටන් කොටගල ප්‍රදේශයේ පාසැලක ඉගෙනුම ලබන මෙම සිසුවා පාසැල අවසන් වී යතුරුපැදියෙන් නිවස කරා යමින් සිටියදී එය ලොරියක ගැටී අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කලේ.

පස්වරු 2.30ට පමණ සිදුවු අනතුරින් බරපතල තුවාල ලැබු පාසැල් සිසුවා ප්‍රතිකාර සඳහා දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙම පාසැල් සිසුවාට යතුරුපැදි පැදවීම සඳහා බලපත්‍රයක් ද නොමැති බව සඳහන්.

අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක ගැටී ලොරියට යටවී තිබෙනවා.

එම අනතුරින් බරපතල තුවාල ලැබු සිසුවා ප්‍රදේශවාසීන් විසින් රෝහල්ගත කල බවයි අප වාර්තාකරු කියාසිටියේ.

අනතුරින් යතුරුපැදියට ද දැඩි හානි සිදුව ඇති අතර ලොරියේ රියදුරා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

දිඹුල පොලිසියයි විමර්ශණ මෙහෙයවන්නේ.



ඡායාරූප - හැටන් රංජිත් රාජපක්ෂ



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories