සිරියාවට ගුවනින් සහනාධාර හෙළන්නැයි බටහිර රටවල් ජගත් සංවිධානයෙන් ඉල්ලයි

Thursday, 02 June 2016 - 17:23

%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84%E0%B6%B1%E0%B7%8F%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%B6%E0%B6%A7%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%BB%E0%B6%A7%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
සිරියාවේ ගැටුම් හේතුවෙන් කොටුවී සිටින ජනතාවට සහනාධාර ගුවනින් හෙළීමට කටයුතු කරන්නැයි ඇමරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය ජගත් සංවිධානයෙන් ඉල්ලීමක් කළා.

ඔවුන් කියා සිටියේ ජාත්‍යන්තර ප්‍රජාව සමග එකග වූ පරිදි සිරියානු ජනතාවට නිසි පරිදි සහනාධාර බෙදා හැරීම සදහා සිරියානු රජයට ලබාදී තිබූ කාලය ජුනි පළමුවැනිදායින් අවසන් වූ බවයි.

දමස්කස් අගනුවර තදාසන්නයේ පිහිටි දරායා ප්‍රදේශයේ පමණක් පුද්ගලයන් 4000 ක් පමණ 2012 වසරේ සිට ආහාර ආධාර නොමැතිව සිටින බව ඔවුන් කියා සිටියා.

ඇමරිකාව ඇතුළු බලවත් රටවල සිරියාවට ගුවනින් සහනාධාර හෙලීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය සිකුරාදා රැස්වීමට නියමිතයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories