නැගෙනහිර මහඇමති නාවික කඳවුරේ දවල් කෑම කයි

Thursday, 02 June 2016 - 18:53

%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB+%E0%B6%B8%E0%B7%84%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B6%B3%E0%B7%80%E0%B7%94%E0%B6%BB%E0%B7%9A+%E0%B6%AF%E0%B7%80%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%91%E0%B6%B8+%E0%B6%9A%E0%B6%BA%E0%B7%92
නාවික හමුදා නිලධාරියෙකුට බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මතභේදයට ලක්වූ නැගෙනහිර පළාත් මහඇමති නසීර් අහමඩ් ත්‍රිකුණාමල නාවික හමුදා කදවුරේ පැවති දිවා භෝජන සංග්‍රහයකට අද (02) සහභාගි වුණා.

මහඇමතිවරයා, ජාත්‍යන්තර වෙළද කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම සමග එලෙස එක්වූයේ සිංගප්පූරුවේ රජයේ අමාත්‍ය එච්.ඊශ්වරන් වෙනුවෙන් පැවති භෝජන සංග්‍රහයකටයි.

ඔවුන් නැගෙනහිර පළාතේ සංවර්ධන කටයුතු පිළිබදව පළාත් සභා සංකීර්ණයේ සාකච්ඡාවකට ද සහභාගි වුණා.

එම සාකච්ඡාවෙන් අනතුරුව ඔවුන් නාවික හමුදා කදවුරේ දිවා භෝජනයට සහභාගි වූ බවයි අප වාර්තාකරු සදහන් කළේ.

මේ අතර, නැගෙනහිර පළාත් මහඇමති නසීර් අහමඩ් නාවික හමුදා නිලධාරියෙකුට බැන වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අද (02) දිනයේ දී ද මාධ්‍ය හමු කිහිපයකදී අදහස් පළ වුණා.

රණවිරුවන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද (02) කැදවා තිබූ මාධ්‍ය හමුවකදී එහි සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියන් කියා සිටියේ අද වනවිට මහඇමතිවරුන් ඔවුන්ට අවශ්‍ය ආකාරයට බලය පාවිච්චි කරමින් සිටින බවයි.

ජාතික නිදහස් පෙරමුණ කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නායක විමල් වීරවංශ කියාසිටියේ මහඇමතිවරයා, අදාළ නාවික හමුදා නිලධාරියාගෙන් සමාව ගැනීම වෙනුවට ඔහුට එරෙහිව හමුදාව ගත් ක්‍රියාමාර්ග නතර කරන ලෙසට බලපෑම් කරමින් සිටින බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories