ප්‍රංශයටත් ගංවතුර

Friday, 03 June 2016 - 7:36

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%82%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB
දශක ගණනාවකින් දරුණුතම ගංවතුරට මුහුණදෙන ප්‍රංශය ඊයේ ස්වභාවික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා.

මධ්‍යම ප්‍රංශයේ නගර රැසක් ජල ගැල්මට ගොදුරු වී ඇති අතර, පැරීසියේ උමං දුම්රිය මාර්ග පද්ධතියටද එය බලපා ඇති බව සඳහන්.

ප්‍රංශයේ නිවාස දසදහසකට පමණ විදුලිය ඇණහිට ඇති අතර, පැරීසයට දකුණින් පිහිටි නෙමෝස් නගරයේ 3000 ක් පමණ ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්කරගෙන තිබෙනවා.

නගරය හරහා ගලන සෙයින් නදියේ අතු ගංඟාවක ජල මට්ටම 1910 වසරේ ප්‍රංශයේ ඇතිවු මහා ගංවතුරෙන් පසු දක්නට නොලැබුණු ආකාරයෙන් ඉහළ යමින් පවතින බව සඳහන්.

ලොව වැඩිම පිරිසක් නැරඹූ කෞතුකාගාරය වන පැරිසියේ ලූවී කෞතුකාගාරය ගංවතුර අවදානම හේතුවෙන් අද දිනයේ වසා තැබීමටයි බලධාරින් පියවර ගෙන ඇත්තේ.

මුළු යුරෝපය පුරා මේ වනවිට දැඩි වර්ෂාපතනයක් පවතින අතර ජල ගැලීම් හේතුවෙන් ජීවිත හානි 10 ක් වාර්තා වී තිබෙනවා. ඉන් වැඩි සංඛ්‍යාවක් ජර්මානුවන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories