ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ තවත් ඉන්දීය ධීවරයන් 4 දෙනෙකු ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩෙල්ෆ් දුපතට වයඹ දෙසින් වූ ප්‍රදේශයකදී මෙම ධීවරයන් 4 දෙනා සහ ට්‍රෝලර් යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව සදහන් කළේ.
ධීවර යාත්‍රාව සහ ධීවරයන් වැඩිදුර කටයුතු සදහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදී තිබෙනවා.
ඉන්දීය මාධ්‍ය සදහන් කළේ මත්ස්‍ය අභිජනනය සදහා පනවා තිබූ දින 45 ක කාලසීමාවෙන් අනතුරුව ඉන්දීය ධීවරයන් අත්අඩංගුවට පත් දෙවන අවස්ථාව මෙය බවයි.
ඔවුන් එලෙස මුලින්ම දියඹට පිවිසි පසුගිය අගහරුවාදා ද ධීවරයන් 7 දෙනෙකු අත්අඩංගුවට පත් වූ බව එම මාධ්‍ය වැඩිදුරටත් සදහන් කළා.
ඉන්දීය ධීවර බෝට්ටු 697 ක් පළමු දිනයේ කච්චතිව් දුපත ආසන්නයේ මසුන් මැරීමට පැමිණි බව සදහන්.
එහෙත් ඔවුන්ගෙන් ඇතමුන් ශ්‍රී ලංකා මුහුදු සීමාව උල්ලංඝනය කළ බව ඉන්දීය මාධ්‍ය විසින්ම පිළිගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයන් නිදහස් කිරීම සදහා කටයුතු කරන ලෙස තමිල්නාඩු ධීවර සංගම් මහඇමතිනි ජයලලිතා ජයරාම්ගෙන් ඉල්ලා තිබෙනවා.

Follow US
Most Viewed Stories