ක්‍රිස්තු පූර්ව 1336 වසරේ අවුරුදු 17 ක්ව සිටියදී ඊජිප්තුවේ කිරුළු පලන් ටුටන්කාමන් ෆාරාවෝගේ රාජකීය පිහිය පිටසක්වලින් පැමිණි උල්කාපාතයක ලෝහයකින් තැනූ බව විද්‍යාඥයන් පිරිසක් හෙලිදරව් කරගෙන තිබෙනවා.
ටුටන්කාමන් ෆාරාවෝගේ මමියක් බවට පත් කළ දේහය සහිත සොහොන් ගැබ 1925 වසරේදී සොයා ගනු ලැබූ අතර, ඔහුගේ එම පිහිය ද ඒ සමග තිබී හමුවුණා.
වසර 3300 කට පෙර ෆාරාවෝ රජුන් භාවිත කළ පිහිය ඉතාලි සහ ඊජිප්තු විද්‍යාඥයන් විසින් කිරණ පරීක්ෂාවට ලක් කිරීමෙන් හෙළි වී ඇත්තේ එහි පවතින ඉහළ නිකල් සහ කොබෝල්ට් ලෝහ සංයුතිය හේතුවෙන් අනිවාර්යයෙන්ම එය පිටසක්වලින් පැමිණි උල්කාවක ලෝහයෙන් තනා ඇති බවයි.
මෙම පිහිය තනා ඇති ලෝහය ඉපැරණි ඊජිප්තුවේ නොමැති බැවිනුයි ඒ සම්බන්ධයෙන් විද්‍යාඥයන් විශේෂ විමර්ශණයක් සිදුකර ඇත්තේ.
ටුටන්කාමම් රජුගේ දේහය ද වසර 3300 කට පමණ පෙර සංරක්ෂණය කර ඇති බවට තහවුරු කරගෙන තිබෙනවා.

Follow US
Most Viewed Stories