නීති විරෝධී මත්පැන් වටලන අලුත් ඒකකයක්

Friday, 03 June 2016 - 9:16

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B6%B1+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B6%92%E0%B6%9A%E0%B6%9A%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නීති විරෝධීව සිදු කෙරෙන මත්පැන් ජාවාරම් වැටලීම සඳහා මුදල් අමාත්‍යංශය යටතේ නව ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

මුදල් අමාත්‍යවරයාගේ තීරණයකට අනුව අමාත්‍ය මණ්ඩලයේ ද අනුමැතිය සහිතවයි මෙම ඒකකය පිහිටාවා ඇත්තේ.

නීති විරෝධී මත්පැන් නිශ්පාදනය සහ බෙදා හැරීම වැලැක්වීම මෙම ඒකකයේ මුලික අරමුණයි. නීති විරෝධීව ආනයනය කෙරෙන විදේශීය මත්පැන් අලෙවිය / නීති විරෝධී මත්පැන් අලෙවිය සහ රජයේ අනුමත මත්පැන් නීති විරෝධීව අලෙවි කිරීම වැලැක්වීම නව ඒකකයේ ප්‍රධාන කාර්ය භාර්යය බවයි මුදල් අමාත්‍යංශය නිවේදනය කලේ.

වාර්ෂිකව අහිමි වෙමින් තිබු විශාල සුරා බදු ආදායමක් මේ යටතේ රජයට අයකර ගැනීමට හැකිවනු ඇතැයි ද මුදල් අමාත්‍යංශය විශ්වාසය පළකරනවා.

 සුරාබදු දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටින නිලධාරීන් මෙන්ම විශේෂ වැටලීම්  සඳහා පුහුණුව ලැබු විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් පිරිසක් මෙම නව ඒකකයට අයත්.

ජනතාවට ඍජුවම මෙම ඒකකය වෙත පැමිණිලි ඉදිරිපත් කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන බව ද එම ඒකකයේ ප්‍රධානී ගුවන් කොමදෝරු රවී ජයසිංහ මහතා ප්‍රකාශකර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories