දෙමාපියන් වනයේ අතරමං කල ජපාන දරුවා හමුවේ

Friday, 03 June 2016 - 9:38

%E0%B6%AF%E0%B7%99%E0%B6%B8%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB%E0%B6%B8%E0%B6%82+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%8F+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%9A
දඩුවමක් ලෙස දෙමාපියන් විසින් ජපානයේ හොකයිඩෝ දිවයිනේ වනාන්තරයක අතරමං කළ හත් හැවිරිදි දරුවා සතියකට පමණ පසු ඊයේ නිරුපද්‍රිතව සොයා ගෙන තිබෙනවා.

යමාටෝ ටනූකා නමැති මෙම දරුවා වනාන්තරය තුළ පිහිටි හමුදා කදවුරක සෙබලූන් විසින් ආහාරපාන ලබාදී වෛද්‍ය ප්‍රතිකාර සදහා රෝහල් ගත කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

මෙම දරුවා සොයා ගැනීම සදහා ජීවිත ආරක්ෂක භටයින් විශාල සංඛ්‍යාවක් දැවැන්ත මෙහෙයුමක් දියත් කළා.

සිය දරුවා වනයේ අතරමං වූ බව ඔහුගේ දෙමාපියන් මුලින් ප්‍රකාශ කළ ද ඔහු අතරමං කළ බව පසුව  පිළිගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් දෙමාපියන් සමාව අයැද සිටිය ද නොසැලකිලිමත් ලෙස කටයුතු කිරීම පිළිබදව ඔවුන්ට එරෙහිව චෝදනා ගොනුකරන බව පොලිසිය සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories