පොප් ගායක ප්‍රින්ස්ගේ මරණයට හේතුව හෙළිවේ

Friday, 03 June 2016 - 10:11

%E0%B6%B4%E0%B7%9C%E0%B6%B4%E0%B7%8A+%E0%B6%9C%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
සුප්‍රකට ඇමරිකානු පොප් ගායක ප්‍රින්ස්ගේ මරණයට හේතුවී ඇත්තේ ඔහු ෆෙන්ටනිල් නමැති වේදනා නාශක ඖෂධය ප්‍රමාණය ඉක්මවා ලබා ගැනීම බව වෛද්‍ය පරීක්ෂණයේදී හෙළි වී තිබෙනවා.

57 හැවිරිදි පොප් ගායක ප්‍රින්ස්ගේ සිරුර පසුගිය අප්‍රේල් 21 වනදා සියනිවසේ සෝපානයක් තුළ මියගොස් සිටියදී හමුවුණා.

ඔහුගේ මරණ පරීක්ෂණයේ වාර්තාව මිනසෝටා වෛද්‍ය පරීක්ෂණ කාර්යාලය මගින් ඊයේ නිකුත් කරනු ලැබුවා.

ප්‍රින්ස් ලබාගෙන ඇති  වේදනා නාශක ඖෂධය වෛද්‍යවරයෙකු අනුමත කළ එකක් වුවත් ඔහු ලබාගත් ප්‍රමාණය අනුව එය හෙරොයින් මත්ද්‍රව්‍යයට වඩා විෂදායක බවයි වෛද්‍ය මතය වී ඇත්තේ.

ප්‍රින්ස්ගේ වෛද්‍යවරයාගෙන් ඇමරිකානු පොලිසිය මේ වනවිට දෙවරක් ප්‍රශ්න කර තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories