කරාපිටියේ හදවත් රෝගීන් සෞඛ්‍ය අමාත්‍යාංශයට

Friday, 03 June 2016 - 12:22

%E0%B6%9A%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B6%AF%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B6%A7
කරාපිටිය ශික්ෂණ රෝහලේ හදවත්  සැත්කම් නවතා දැමීම පිළිබදව සාකච්ඡා කිරීමට හදවත් රෝගීන්ගේ සංගමය අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණියා.

ඔවුන් මේ වනවිට අමාත්‍යාංශ බලධාරින් සමග සාකච්ඡා කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

මීට සති දෙකකට පමණ ඉහතදී කරාපිටිය ශික්ෂණ රෝහලේ හදවත් සැත්කම් සිදුකිරීම නවතා දැමුණේ හෘද රෝද ඒකකයේ අත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තකට බව පවසමින්.

එම ඒකකයේ ජල කාන්දුවක් ඇතුළු අඩුපාඩු කිහිපයක් වහාම නිවැරදි කිරීමට සිදුවන තත්ත්වයක් උද්ගතව ඇති බවයි ඒකකය වසා දැමීමේදී බලධාරින් ප්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, රෝගීන් සහ වෘත්තීය සමිති පවසන්නේ හෘද රෝද ඒකකය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට බලධාරින් ප්‍රමාණවත් මැදිහත් වීමක් සිදු නොකරන බවයි.

හෘද සැත්කම් සිදුකිරීම නවතා දැමීමත් සමග හදිසි හෘද සැත්කම් සිදුකිරීමට නියමිත රෝගීන් රැසක් ජීවිත අවදානමක් ද සමග පොරොත්තු ලේඛණයේ සිටින බවයි වාර්තා වන්නේ.

මේ පිළිබදව සාකච්ඡා කර විසදුමක් ලබා ගැනීමට හදවත් රෝගීන්ගේ සංගමයේ සාමාජිකයන් අද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණියා.

කරාපිටිය රෝහලේ හදවත් ඒකකයේ උද්ගතව ඇති තත්ත්වය පිලිබඳව අප කරාපිටිය රෝහලෙන් විමසීමක් කළා.

එහි උසස් පරිපාලන නිලධාරියෙකු කියා සිටියේ හෘද රෝග ඒකකයේ කටයුතු කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරමින් පවතින බවයි.

වෘත්තීය සමිති චෝදනා කරන්නේ රෝහල්  බලධාරින්ගේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරින්ගේ නොසැලකිල්ල හේතුවෙන් දිගින් දිගටම හෘද රෝග ඒකකය යළි විවෘත කිරීම පිළිබද ගැටලූ මතුවී ඇති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories