මහින්දගේ හමුදා ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කෙරේ

Friday, 03 June 2016 - 12:44

%E0%B6%B8%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%9C%E0%B7%9A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%96%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හමුදා ආරක්ෂාව අද සම්පූර්ණයෙන්ම ඉවත් කෙරෙනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කලේ  ආරක්ෂක මණ්ඩලය, ප්‍රභූ ආරක්ෂක කටයුතුවලින් හමුදාව ඉවත් කිරීමට ගත් තීරණයකට අනුව මෙලෙස හිටපු ජනාධිපතිවරයාගේ ද හමුදා ආරක්ෂාව ඉවත් කෙරෙන බවයි.

කෙසේ වෙතත්, සෙසු ප්‍රභූවරුන්ට මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සඳහා ද පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලුන් සහ ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව විශේෂ පුහුණුවක් ලත් නිලධාරින් අද සිට යොදන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික මාධ්‍ය ලේකම් උදිත ලොකුබණ්ඩාර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට ලබාදුන් හමුදා ආරක්ෂාව මේ වන විටත් ඉවත් කර ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආරක්ෂාව සැලසීම සඳහා හමුදා සෙබලුන් එකසිය දෙදෙනෙකු යොදා තිබූ අතර ඉන් 50 දෙනෙකු පසුගිය මස දෙවන දා ඉවත් කර ගනු ලැබුවා.

මේ අතර ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වූ පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිළ කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සැපයීම ජාතික වගකීමක් බවයි.

හිටපු ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය දිනෙන් දින වැඩිවීමත් සමඟ ඔහුගේ ආරක්ෂාව මෙලෙස ඉවත් කර ඇති බව එම මාධ්‍ය හමුවට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල කියා සිටියා.

මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව ඉවත් කර ඇද්දැයි ධීවර අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය මහින්ද අමරවීරගෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කර සිටියා.

ඔහු කියා සිටියේ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාවට ගැටළු මතුවීමට ඉඩක් නොමැති බවයි.




Update : Friday, June 3, 2016 19.59
--------------------------------------------

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ හමුදා ආරක්ෂාව අද (03) පස්වරුව වනවිට සම්පූර්ණයෙන්ම ඉවත් කෙරෙනවා.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සදහන් කලේ  ආරක්ෂක මණ්ඩලය, ප්‍රභූ ආරක්ෂක කටයුතුවලින් හමුදාව ඉවත් කිරීමට ගත් තීරණයකට අනුව මෙලෙස හිටපු ජනාධිපතිවරයාගේ ද හමුදා ආරක්ෂාව ඉවත් කෙරෙන බවයි.

කෙසේ වෙතත්, සෙසු ප්‍රභූවරුන්ට මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව සදහා ද පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලූන් සහ ප්‍රභූ ආරක්ෂාව පිළිබදව විශේෂ පුහුණුවක් ලත් නිලධාරින් අද සිට යොදන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර වැඩිදුරටත් සදහන් කළා.  



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories