පරිසරයට දරාගත හැකි සංවර්ධනයක් සිදුකරමු - ජනපති කියයි

Sunday, 05 June 2016 - 8:10

%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD+%E0%B7%84%E0%B7%90%E0%B6%9A%E0%B7%92+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%94+-+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
පරිසරය යනු සෞන්දර්ය පිළිබඳ සිතුවම ඉක්මවා ගිය විද්‍යාත්මක සන්දර්භයක කෙරෙන තීරණාත්මක සාකච්ඡාවක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.

අදට යෙදෙන ලෝක පරිසර දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ ලොව සියලූ ජාතීන් ඉහළ ප්‍රමුඛත්වයෙන් යුතුව මෙම මාතෘකාව කතාබහ කරන බවයි.

ස්වභාවධර්මයට එරෙහි වන්නේ නම් මිනිසාට පැවැත්මක් නොමැති බව සඳහන් කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ වනවිට ස්වභාවික විපත්වලින් පීඩා විඳින රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්ව ඇති බව ප්‍රකාශ කරනවා.

මිහිතලයට දරාගත හැකි සංවර්ධනයකින් තෘප්තිමත්වීමට මිනිසාට බලකෙරෙන තත්ත්වයක් මතුවිය යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories