දිල්ලි ඇපලෝ රෝහලේ වකුගඩු ජාවාරමක් හෙළිවේ

Sunday, 05 June 2016 - 8:29

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%87%E0%B6%B4%E0%B6%BD%E0%B7%9D+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B7%84%E0%B7%99%E0%B7%85%E0%B7%92%E0%B7%80%E0%B7%9A
නවදිල්ලියේ සුප්‍රකට ඇපලෝ රෝහල කේන්ද්‍ර කොටගෙන ක්‍රියාත්මක වූ වකුගඩු ජාවාරමක් හෙළිදරව් කරගැනීමට දිල්ලි පොලීසිය සමත්වී තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් මේ වනවිට රෝහල් සේවකයන් දෙදෙනෙකු ඇතුලූ පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි දිල්ලි වාර්තා සඳහන් කළේ.

දිළිඳු ජනතාව සිය වකුගඩු අලෙවි කිරීම සඳහා පෙළඹවීමට සංවිධානාත්මක කණ්ඩායමක් මෙහිදී ක්‍රියාත්මක වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් වකුගඩුවක් සඳහා එම පුද්ගලයන්ට ඩොලර් 7500 ක පමණ මුදලක් ගෙවා ඇති අතර, වකුගඩු ඊට වඩා ඉහළ මිළකට වෙනත් පුද්ගලයන්ට විකුණා ඇති බව සඳහන්.

කෙසේ නමුත් ඇපලෝ රෝහල සඳහන් කළේ මෙම ජාවාරම සඳහා තම රෝහල යොදාගැනීම පිළිබඳව කනස්සල්ලට පත්වන අතර පොලිස් පරීක්ෂණවලට සහය ලබාදෙන බවයි.

ජාවාරම්කරුවන් වකුගඩු දායකයන් රෝහලට ඉදිරිපත් කර ඇත්තේ ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන් වකුගඩු ප්‍රදානය කරන පුද්ගලයන් ලෙස හඳුන්වමින්.

ඒ සඳහා ව්‍යාජ ලිපි ලේඛණද ඔවුන් සකස් කර තිබෙනවා.

මේ නිසා රෝහල මෙන්ම වෛද්‍යවරුන්ද ජාවාරම් කරුවන්ගේ උගුලට හසුවී ඇති බව රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කර තිබෙනවා.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයන්ට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙසයි ඇපලෝ රෝහල දිල්ලි පොලීසියෙන් ඉල්ලා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories