මොහොමඩ් අලිගේ අවසන් කටයුතු සිකුරාදා

Sunday, 05 June 2016 - 8:51

%E0%B6%B8%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%B8%E0%B6%A9%E0%B7%8A+%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%AF%E0%B7%8F
වයස අවුරුදු 74 ක් ව සිටියදී ඊයේ අභාවප්‍රාප්ත වූ ලොව බිහිවූ විශිෂ්ඨතම බොක්සිං ක්‍රීඩකයා ලෙස සැළකෙන මොහොමඩ් අලිගේ අවසන් කටයුතු ලබන සිකුරාදා ඔහුගේ උපන් ගම වන කෙන්ටකි ප්‍රාන්තයේ ලූවිස්විල් හිදී සිදු කෙරෙන බව පවුලේ ප්‍රකාශකයෙකු සඳහන් කළා.

ඉදිරි දින දෙක තුළ මොහොමඩ් අලිගේ දේහය ලූවිස්විල් වෙත රැගෙන යන අතර, පවුලේ ඥාතීන්ගේ සහභාගීත්වයෙන් බ්‍රහස්පතින්දා ආගමික කටයුතු සිදු කිරීමට නියමිතයි.

සිකුරාදා සිදු කෙරෙන අන්තර්ආගමික මෙහෙයේදී හිටපු ජනාධිපති බිල් ක්ලින්ටන්ද මොහොමඩ් අලි පිළිබඳ ගුණකථනයක් සිදු කරනු ඇති.

මොහොමඩ් අලිගේ පවුලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ලෝක පුරවැසියෙකු වන මොහොමඩ් අලිගේ අවසන් කටයුතු සඳහා සියලූම තරාතිරම්වල ජනතාවට සහභාගිවීමට අවස්ථාවක් හිමිවිය යුතු බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories