පැරිසියේ ගං වතුර බැස යයි

Sunday, 05 June 2016 - 9:25

%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB+%E0%B6%B6%E0%B7%90%E0%B7%83+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
වසර 34 කට පසු දරුණුතම ගං වතුරට මුහුණදුන් ප්‍රංශයේ පැරිස් නුවර සේන් නදියේ ගං වතුර මට්ටම ඊයේ දිනය වනවිට මදක් පහත වැටී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළා.

ජල මට්ටම සිකුරාදා මීටර 6.1 දක්වා ඉහළ ගිය අතර ඒ  හේතුවෙන් පැරිසියේ උමං මාර්ග පද්ධති පවා වසා දැමීමට සිදුවුණා.

ජල ගැලීම අඩුවුවද නගරයේ තවදුරටත් අවදානම් තත්ත්වයක් පවතින බවයි ප්‍රංශ බලධාරීන් ප්‍රකාශ කළේ.

ප්‍රංශයේ ගං වතුරින් පුද්ගලයන් හතරදෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර, හතලිස් දෙදෙනෙකු විවිධ අනතුරුවලට ලක්වුණා.

යුරෝපා ගං වතුර ප්‍රංශයේ සිට යුක්රේනය දක්වා රටවල් රැසකට බලපා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories