දෙවන පෙළ නායකත්වය ගන්න ගෝඨාභය සාකච්ඡා කර නැහැ - ගම්මන්පිල

Sunday, 05 June 2016 - 12:46

%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%B4%E0%B7%99%E0%B7%85+%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B6%BA+%E0%B6%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9C%E0%B7%9D%E0%B6%A8%E0%B7%8F%E0%B6%B7%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%9A%E0%B6%A0%E0%B7%8A%E0%B6%A1%E0%B7%8F+%E0%B6%9A%E0%B6%BB+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BD
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ නිදහස් පක්ෂයේ නායකයින් සමග එක් නොවනු ඇතැයි ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල සදහන් කළා.

හිටපු ආරක්ෂක ලේකම්වරයා නිදහස් පක්ෂයේ දෙවන නායකත්වයට පත් කළ යුතු බව කම්කරු සහ වෘත්තීය සමිති සබදතා අමාත්‍ය ඩබ්ලිව්.ඞී.ජේ.සෙනෙවිරත්න ඊයේ (04) ප්‍රකාශ කළේ කොළොන්න ආසන්නයේ නිදහස් පක්ෂ රැස්වීමක් අමතමින්.

මේ පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමේදී පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්වරයා ද වන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ප්‍රකාශ කළේ තමා දන්නා පරිදි දෙවන  නායකත්වයට පත්වීමට හිටපු ආරක්ෂක ලේකම්වරයා එවැනි සාකච්ඡාවක් සිදුකර නොමැති බවයි.

හිරු ප්‍රවෘත්ති අංශය මේ පිළිබදව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂගෙන් ද විමසීමක් කළා.

ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් මේ මොහොතේ තමන්ට ප්‍රකාශයක් සිදුකළ නොහැකි බවයි.

නිදහස් පක්ෂයේ දෙවන පෙළ නායකත්වයට හිටපු ආරක්ෂක ලේකම්වරයා පත්කල යුතු බවට අමාත්‍ය ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න අදහස් පලකලේ මෙලෙසින්.









Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories