ෆොන්සේකාගේ පක්ෂය එජාපය සමග එක්වෙයි ?

Sunday, 05 June 2016 - 12:50

%E0%B7%86%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA+%E0%B6%91%E0%B6%A2%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B6%9C+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%3F
අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සමග ඒකාබද්ධ වීමට තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරනවා.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමක් ද ඊයේ (04) පවත්වා ඇති බව සදහන්.

ඒ අනුව, පක්ෂයේ නායක ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාට එක්සත් ජාතික පක්ෂ කැළණිය ආසන සංවිධායක ධුරය හිමිවනු ඇති බවයි විශ්වාස කෙරෙන්නේ.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය එලෙස එක්සත් ජාතික පක්ෂය සමග එක්වීමේදී දැනට පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන්ට එක්සත් ජාතික පක්ෂය මගින් ඉදිරි මැතිවරණවලදී නාමයෝජනා ලබාදෙනු ඇති.

මේ මාසය අවසන් වීමට පෙර මේ සදහා එකගත්වයකට පැමිණෙනු ඇති බව පක්ෂ ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කළා.

ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විසුරුවන්නේ ද යන්න පිළිබදව එහි නායක සරත් ෆොන්සේකාගෙන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී ඔහු ඒ බව සනාථ කළේ නැහැ.

කෙසේ නමුත්, අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අද මහනුවරදී දළඳා සමිඳුන් වැදපුදා ගත්තා.

ඉන් අනතුරුව ඔහු මල්වතු සහ අස්ගිරි මහානා හිමිවරුන් බැහැදැක තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories