ජයලලිතා, ශ්‍රී ලංකාව ගැන මෝදිට නැවත ලියයි

Sunday, 05 June 2016 - 12:53

%E0%B6%A2%E0%B6%BA%E0%B6%BD%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%2C+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%E0%B6%A7+%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ අත්අඩංගුවට පත් වූ ඉන්දීය ධීවරයන් නිදහස් කර ගැනීම සදහා මැදිහත් වන්නැයි තමිල්නාඩු මහඇමති ධුරයේ යළි දිවුරුම් දුන් ජයලලිතා ජයරාම් ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ඊයේ (04) තවත් ලිපියක් යොමුකළා.

පසුගිය දෙවනදා අලූයම් කාලයේදී තමිල්නාඩු ධීවරයන් 4 දෙනෙකු සහ ධීවර යාත්‍රාවක් උතුරු මුහුදේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගත්තේ මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කිරීම හේතුවෙන්.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් ඉදිරිපත් කරමින් තමිල්නාඩු මහඇමතිනිය වැඩිදුරටත් සදහන් කළේ ඉන්දීය ධීවරයන් සහ යාත්‍රා අත්අඩංගුවට ගැනීම ඔවුන්ගේ ජීවිකා වෘත්තීයට තර්ජනයක් බවයි.

එමෙන්ම, කච්චතිව් දුපත ශ්‍රී ලංකාවට පවරා දෙමින් ඇති කර ගත් ගිවිසුම් අවලංගු කිරීමේ අවශ්‍යතාව යළි මතුවන බව ද ජයලලිතා මෙහිදී සදහන් කළා.

ඉන්දීය ධීවරයන් 11 දෙනෙකු සහ ධීවර යාත්‍රා 90 ක් මේ වනවිට ශ්‍රී ලංකාව භාරයේ පවතින බවයි ඇය කියා සිටියේ.

කෙසේ නමුත්, පෝක් සමුද්‍ර සන්ධියේ ධීවර කටයුතුවලින් ඉවත් වී ජාත්‍යන්තර මුහුදේ මසුන් මැරීම සදහා තමිල්නාඩු ධීවරයන් දිරිගැන්වීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාත්මක බව තමිල්නාඩු මහඇමතිනි ජයලලිතා ජයරාම් අවධාරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories