දිල්ලි වකුගඩු ජාවාරමේ මහමොළකරු ශ්‍රී ලංකාවේ වකුගඩු ජාවාරමට ද සම්බන්ධ බවට තොරතුරු

Sunday, 05 June 2016 - 13:17

%E0%B6%AF%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%9A+%E0%B6%B8%E0%B7%84%E0%B6%B8%E0%B7%9C%E0%B7%85%E0%B6%9A%E0%B6%BB%E0%B7%94+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B6%A9%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AF+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B6%E0%B7%80%E0%B6%A7+%E0%B6%AD%E0%B7%9C%E0%B6%BB%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94
නවදිල්ලියේ ප්‍රධාන පෙලේ රෝහලකින් අනාවරණ කර ගත් වකුගඩු ජාවාරමේ මහමොළකරු ශ්‍රී ලංකාවේ, ඉන්දුනීසියාවේ සහ නේපාලයේ එම ජාවාරම ක්‍රියාත්මක කිරීමට සම්බන්ධ බව ඉන්දීය මාධ්‍ය ප්‍රකාශ කළා.

දිල්ලි රෝහලේ වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර, ඉන් දෙදෙනෙකු රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්.

දිල්ලි පොලිසිය සදහන් කළේ ටී.රාජ්කුමාර් රා ඕ නමැත්තා මෙම ජාවාරම මෙහෙයවන බවට තොරතුරු හෙළි වී ඇති බවයි.

පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වනවිට රාජ්කුමාර් සහ ඔහුගේ කල්ලියේ සාමාජිකයන් සොයා හයිද්‍රාබාද්, කොල්කටා සහ චෙන්නායිහි මෙහෙයුම් සිදුකරන බව දිල්ලි පොලිසිය වැඩිදුරටත් සදහන් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories