කොස්ගමට ගිය අගමැති රාජ්‍ය නිලධාරීන්ට කියපු දේ

Monday, 06 June 2016 - 15:56

%E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%B8%E0%B6%A7+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%B4%E0%B7%94+%E0%B6%AF%E0%B7%9A
කොස්ගම - සාලාව යුද හමුදා කඳවුරේ සිදුවූ පිපිරීමෙන් අනතුරුව ඇති වී තිබෙන තත්ත්වය පිළිබදව සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද එම ප්‍රදේශයේ සංචාරයක නිරත වුණා.

හංවැල්ල - දිසා ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍යවරයා කොළඹ දිසා ලේකම්වරයා සහ හමුදා නිලධාරීන් සමඟ සාකච්ඡාවක ද නිරත වී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා එහිදී උපදෙස් ලබාදී ඇත්තේ පිපිරීම නිසා අවතැන් වී සිටින ජනතාවට අවශ්‍ය පහසුකම් ලබාදීමට කටයුතු කරන ලෙසයි.

එමෙන්ම ඔවුන්ට සිය නිවෙස් වෙත නැවත පැමිණීම සඳහා ඒවා නිසි ලෙස සකස් කර දෙන ලෙස ද අගමැතිවරයා උපදෙස් ලබාදුන්නා.

මෙම චාරිකාව සඳහා නීතිය හා සාමය අමාත්‍ය සාගල රත්නායක, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන ද එක්වුණා.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම සංචාරයේදී දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ නිවසට ද ගොස් තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories