කොටස් වෙළඳපළ ස්ථාවරයි

Tuesday, 07 June 2016 - 7:57

%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B7%85%E0%B6%B3%E0%B6%B4%E0%B7%85+%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොළඹ කොටස් වෙළඳපළේ මිල දර්ශක ඊයේ දිනයේ ස්ථාවරවීමක් දක්නට ලැබුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන ඩොලර් බිලියන 1.5ක ණය මුදලට ප්‍රතිචාර වශයෙන් දර්ශක දිනය ආරම්භයේදී ඉහළ ගිය අතර දිනය අවසන දී සටහන් වූයේ 6518.98ක් ලෙසයි.

ගනුදෙනු ආරම්භයේ පැවැති ධනාත්මක ප්‍රවණතාව වෙනස් කිරීමට ඉහළ යන පොලී අනුපාත සහ විදේශ ආයෝජන ගලනය හේතු වී තිබෙනවා.

කොළඹ කොටස් වෙළදපළේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 476.2ක් වූ අතර එය මේ වසරේ දිනක සාමාන්‍ය පිරිවැටුම වන රුපියල් මිලියන 788ට වඩා බෙහෙවින් අඩු ප්‍රමාණයක්.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories