යුරෝ 2016 පාපන්දු තරගාවලියට ත්‍රස්ත ප්‍රහාරයක් සැලසුම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

Tuesday, 07 June 2016 - 9:08

%E0%B6%BA%E0%B7%94%E0%B6%BB%E0%B7%9D+2016+%E0%B6%B4%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%83%E0%B7%90%E0%B6%BD%E0%B7%83%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%85+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ලබන සිකුරාදා ප්‍රංශයේදී ආරම්භ වන යුරෝපීය පාපන්දු ශූරතා තරගාවලියට ප්‍රහාරයක් සැලසුම් කළ ප්‍රංශ ජාතිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

25 හැවිරිදි මොහු යුක්රේනය සහ පෝලන්තය අතර දේශසීමාවේදී මෙලෙස අත්අඩංගුවට පත්වී ඇති බවයි වාර්තා වන්නේ.

සැකකරු ළඟ තිබී කිලෝග්‍රෑම් 125ක පුපුරණ ද්‍රව්‍ය ඩෙටනේටර් සහ ගිනි අවි විශාල ප්‍රමාණයක් හමුවී තිබෙනවා.

යුරෝ 2016 පාපන්දු තරගාවලියට අයි එස් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල විය හැකි බවට මීට පෙර ඔත්තු සේවා අංශ අනතුරු අගවා තිබුණා.

කෙසේ නමුත් මෙලෙස අත්අඩංගුවට පත්වී ඇත්තේ අන්තවාදී දක්ෂිණාංශික මතධාරියෙකු බව විදෙස් වාර්තා සදහන් කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories