දරු සුරතල් බලන්න එවරස්ට් තරණය කල යුවළ

Tuesday, 07 June 2016 - 10:00

%E0%B6%AF%E0%B6%BB%E0%B7%94+%E0%B7%83%E0%B7%94%E0%B6%BB%E0%B6%AD%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%91%E0%B7%80%E0%B6%BB%E0%B7%83%E0%B7%8A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BD+%E0%B6%BA%E0%B7%94%E0%B7%80%E0%B7%85
දිනේෂ් රතෝද් සහ තර්කේෂ්වරී නමැති ඉන්දීය ජාතික යුවළ ලොව ඉහළම කඳු ශිකරය වන එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට සමත් වුණා.

ඔවුන් දෙදෙනාම ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පොලිස් කොස්තාපල්වරුන් ලෙස සේවය කරන අයයි.

මීට අට වසරකට පෙර විවාහ වී ඇති දිනේෂ් සහ තර්කේෂ්වරී එකිනෙකාට ප්‍රතිඥා ලබාදී ඇත්තේ එවරස්ට් තරණය කරන තුරු දරු සුරතල් නොබැලීමටයි.

මොවුන් එවරස්ට් තරණය කළ ප්‍රථම ඉන්දීය ජාතික යුවළ ද වනවා.

පසුගිය මැයි 23 වන දා ඔවුන් එවරස්ට් තරණය කර ඇති අතර ඒ පිළිබද ප්‍රවෘත්තිය ඉන්දීය මාධ්‍ය මගින් හෙළිදරව් කොට ඇත්තේ අදයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories