රවීගේ විශ්වාසය භංගවෙයි ද?

Tuesday, 07 June 2016 - 13:02

%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%9C%E0%B7%9A+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA+%E0%B6%B7%E0%B6%82%E0%B6%9C%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%3F
නිදහස් පක්ෂයේ උරුමක්කාරයින් සහ කරුමක්කාරයින් කවුදැයි ඉදිරි පැය 48 තුළ දැක ගත හැකි වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කෙහෙලිය රඹුක්වැල්ල පවසනවා.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේ හෙට විවාදයට ගන්නා මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ විශ්වාසභංග යෝජනාව පිළිබදව අදහස් දක්වමින්.  

මේ අතර මුදල් අමාත්‍ය රවී කරුණානායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබදව අදහස් පළකිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නවක මන්ත්‍රීවරුන් පිරිසක් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද මාධ්‍ය හමුවක් කැදවා තිබුණා.

ඊට එක්වෙමින් අදහස් දැක්වූ එම පක්ෂයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න කියා සිටියේ මෙම විශ්වාසභංග යෝජනාවෙන් මුදල් අමාත්‍යවරයාට ඇති විශ්වාසය තවදුරටත් තහවුරු වනු ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories