ජගත් සාගර දිනය අදයි

Wednesday, 08 June 2016 - 11:18

%E0%B6%A2%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BB+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF%E0%B6%BA%E0%B7%92
ජගත් සාගර දිනය අද (08)ට යෙදී තිබෙනවා.

සමුද්‍ර පරිසරයේ වැදගත්කම පිළිබඳව ලෝක ප්‍රජාව දැනුවත් කිරීමේ අරමුණ පෙරදැරි කර ගනිමින් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2009 වසරේ සිට සෑම වසරකම ජුනි මස 08 වනදා ජගත් සාගර දිනය ලෙස ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

 ‘‘සෞඛ්‍යවත් මහ සයුර - ලොවක් සුඛිතවත් කරයි’’ යන්න මෙවර ජගත් සාගර දිනයේ තේමාවයි.

මීට සමගාමීව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් සමුද්‍ර පරිසරය ආරක්ෂා කර ගැනීමේ වැදගත්කම පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් සංවිධාන කර තිබෙනවා.

ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories