මස්කෙලිය රෝහලේදී රෝගියෙකු ගෙළ වැළලා ගෙන මිය ගිය හැටි

Wednesday, 08 June 2016 - 9:10

%E0%B6%B8%E0%B7%83%E0%B7%8A%E0%B6%9A%E0%B7%99%E0%B6%BD%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%AF%E0%B7%93++%E0%B6%BB%E0%B7%9D%E0%B6%9C%E0%B7%92%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%9C%E0%B7%99%E0%B7%85+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%BD%E0%B7%8F+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92
මස්කෙලිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගියෙකු රෝහල් භූමිය තුළ ගෙළ වැළලාගෙන සිය දිවි හානිකරගෙන තිබෙනවා.

හෘදයාබාධයක් සඳහා මොහු ඊයේ පස්වරුවේ රෝහල්ගත කර ඇති අතර පසුව රාත්‍රී 11.30ට පමණ රෝහල් භූමියේ ළමා උද්‍යානයේ ඔංචිලාවක් බැද තිබූ ලණුවක ආධාරයෙන් ගෙළ වැළලාගෙන ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.

මෙලෙස සිය දිවි හානි කරගෙන ඇත්තේ 49 හැවිරිදි මස්කෙලිය - බ්‍රවුන්සික් වත්ත ප්‍රදේශයේ පදිංචි දෙදරු පියෙක්.

මොහු සිය දිවි හානි කර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories