පාර්ලිමේන්තු මහ ලේකම්ට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්

Wednesday, 08 June 2016 - 11:39

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B7%8A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%84+%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%B7%E0%B6%82%E0%B6%9C+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් කථානායකවරයා වෙත භාර දී තිබෙනවා.

ඒ පසුගිය මස 5 වනදා රජය ඉදිරිපත් කළ රුපියල් මිලියන 55 ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීම සදහා පැවති ඡන්ද විමසීමේදී අක්‍රමිකතාවක් සිදුවූ බව පවසමින්.

පසුගිය 5 වනදා මෙම පරිපූරක ඇස්තමේන්තුව සදහා පැවති ඡන්ද විමසීමේදී මුලින් ඊට පක්ෂව ඡන්ද 33 ක් හිමිවූ අතර, විපක්ෂව ලැබුණේ ඡන්ද 31 ක් පමණයි.

කෙසේ නමුත්, ඡන්දය ගණනය කිරීමේදී දෝෂ පැවති බවයි ඒකාබද්ධ විපක්ෂය චෝදනා කළේ.

පසුව මේ සම්බන්ධයෙන් සොයා බැලීමට කථානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක ආර්.සම්බන්ධන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද පත්කළා. 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories