ප්‍රසන්න රණතුංගට සහ බිරිඳට ඇප

Wednesday, 08 June 2016 - 12:53

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BB%E0%B6%AB%E0%B6%AD%E0%B7%94%E0%B6%82%E0%B6%9C%E0%B6%A7+%E0%B7%83%E0%B7%84+%E0%B6%B6%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B3%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
කොලොන්නාව - මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම වෙනත් පුද්ගලයෙකුට ලබාදී රුපියල් මිලියන 64ක චෙක්පත් ලබාගත් බවට චෝදනා එල්ල වූ බස්නාහිර පළාත් සභාවේ හිටපු මහ ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ ඇප මත මුදා හැර තිබෙනවා.

ඒ මොවුන් අද (08) මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.

මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක නියෝග කළේ එක් සැකකරුවෙකු රුපියල් ලක්ෂ 10 බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.

අද පෙරවරුවේ නඩුව කැදවූ අවස්ථාවේදී මොවුන්ට විනිසුරුවරයා විසින් අධි චෝදනා භාර දී තිබෙනවා.

ඊට අමතරව මොවුන්ට ඇප තැබීම සඳහා හෙට දක්වා කාලය ලබාදී තිබූ අතර සෑම මසකට වරක් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසටද මොවුන්ට නියෝග කෙරුණා.

එමෙන්ම මෙම සැකකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.

මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් වෙනත් පාර්ශවයකට ලබාදී රුපියල් මිලියන 64ක චෙක්පත් ලබාගැනීමේ සිද්ධියට ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ සහ තවත් පුද්ගලයෙකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරනු ලැබුවේ පසුගිය 03 වැනිදායි.

ඒ අනුව මොවුන්ට මේ මස 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට සිතාසි නිකුත් කර තිබුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories