ක්ලින්ටන්ට ඔබාමාගෙන් සුබ පැතුම්

Wednesday, 08 June 2016 - 13:30

%E0%B6%9A%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%94%E0%B6%B6%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%94%E0%B6%B6+%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8A
ඇමරිකානු ජනාධිපතිවරණ අපේක්ෂකත්වය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් තියුණු තරඟයක් ලබාදෙන හිලරි ක්ලින්ටන්ට සහ බර්නි සැන්ඩර්ස්ට ජනාධිපති බැරක් ඔබාමා සුභ පතා තිබෙනවා.

ඇමරිකානු ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන් තේරීමේ කටයුතු මේ වනවිට අවසන් අදියර කරා පැමිණෙමින් තිබෙන අතර කැලිෆෝනියා සහ නිව්ජර්සි ප්‍රාන්තවල පැවති මැතිවරණයෙන් හිලරි ක්ලින්ටන් ජයග්‍රහණය කළා.

මේ අතර මොන්ටානා ප්‍රාන්තයේ පැවති ජන්ද විමසීමෙන් ජයගනු ලැබුවේ බර්නි සැන්ඩර්ස් විසින්.

කෙසේ වෙතත් හිලරි ක්ලින්ටන්ට ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂකත්වය ද ඊයේ හිමුවුණා.

එය නිළ වශයෙන් ප්‍රකාශයට පත් කෙරෙන්නේ ඉදිරියේ පැවැත්වෙන ඩිමොක්‍රටික් පක්ෂ සම්මේලනයෙන් පසුවයි.

මේ අතර, අද පෙරවරුවේ බර්නි සැන්ඩර්ස් විශේෂ ප්‍රකාශයක් ලබාදෙමින් කියා සිටියේ තමන් මෙතෙක් සිදුකළ අරඟලය දිගටම සිදුකරගෙන යන බවයි.

එමෙන්ම ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂක සටන කවුරු ජයගත්තත් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඞ් ට්‍රම්ප්ට ඇමරිකානු ජනාධිපති ලෙස පත් වීමට ඉඩ ලබා නොදෙන ලෙසද ඔහු ඉල්ලීමක් කළා.

 


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories