බැසිල්ගේ පෙත්සමකුත් විසිවේ

Wednesday, 08 June 2016 - 15:55

%E0%B6%B6%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BD%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%B4%E0%B7%99%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B6%B8%E0%B6%9A%E0%B7%94%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%9A
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් තමන්  අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලමින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද නිශ්ප්‍රභ කළා.

අගවිනිසුරු කේ. ශ්‍රීපවන් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේයි එය විභාගයට ගැනුනේ.

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් තමන්ට එරෙහිව අධිකරණ හතරක නඩු පවරා ඇති බැවින් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙසයි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මෙම පෙත්සම මගින් ඉල්ලා තිබුණේ.

එය විභාගයට ගත් අවස්ථාවේදී අගවිනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ පොලීසිය ඉදිරිපත් කරන බී වාර්තා නිරන්තරයෙන් අභියෝගයට ලක් කරන තත්ත්වයක් මතුවුවහොත් එය නීතිය ක්‍රියාත්මක කිරීමට බාධාවක් වන බවයි.

ඒ අනුව මෙම පෙත්සමේ නීතිමය පදනමක් නොමැති බව ප්‍රකාශ කරමින් එය නිශ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

මේ අතර කොලොන්නාව - මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක පදිංචිකරුවන් ඉවත් කර එය වෙනත් අයෙකුට ලබාදී මිලියන 64ක චෙක්පත් ලබාගත් බවට චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග සහ ඔහුගේ බිරිඳ අද ඇප මත මුදා හැරුණා.

ඒ  ඔවුන් මෝසමක් මාර්ගයෙන් කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories