සාලාවේ වැසියන් දෙවන දිනටත් පාර වසයි

Thursday, 09 June 2016 - 12:16

%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B7%80%E0%B6%B1+%E0%B6%AF%E0%B7%92%E0%B6%B1%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%83%E0%B6%BA%E0%B7%92
කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගය විවෘත කිරීමට එරෙහිව කොස්ගම - සාලාව ප්‍රදේශවාසීන් අද (09) දෙවන දිනටත් විරෝධතාවක නිරත වුණා.

මේ හේතුවෙන් සාලාව මංසන්ධියේ සිට කළුඅග්ගල දක්වා කොටසේ රථ වාහන ධාවනය මුළුමනින්ම ඇණ හිටි බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

අද (09) පෙරවරු 11 ට පමණ මෙම විරෝධතාව ආරම්භ වූ අතර, පිපිරීමෙන් ඉතිරි වූ සුන්බුන් විරෝධතාකරුවන් ප්‍රධාන මාර්ගයට රැගෙන ඒම නිසා රථවාහන ගමනාගමනයට එල්ල වූයේ බාධාවක්.

සීතාවක ප්‍රාදේශිය ලේකම්වරයා පොරොන්දු වූ පරිදි විනාශ වූ පුද්ගලික දේපල තක්සේරු කිරීමේ කටයුතු ආරම්භ නොකිරීම ද විරෝධතාවයට හේතුවක් වුණා.

තත්ත්වය සමථයකට පත් කිරීම සදහා පොලිසිය සහ යුද හමුදාව මැදිහත්වුවත් විරෝධතාකරුවන් මාර්ගයේ රථවාහන ගමනාගමනයට ඉඩ ලබාදුන්නේ නැහැ.

එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් සහ ආරක්ෂක අංශ අතර උණුසුම් තත්ත්වයක් ද හට ගැණුනා.                       

කෙසේ වෙතත්, පිපිරීමෙන් විනාශ වූ පෞද්ගලික දේපල තක්සේරු කිරීම අද පස්වරුවේ ආරම්භ වුණා.

ඒ සදහා පත් කෙරුණු නිලධාරින් දේපල හිමිකරුවන් සමග එක්ව එම කටයුතුවල නිරත වන බවයි හිරු වාර්තාකරු සදහන් කළේ.

දේපල තක්සේරු කිරීම සදහා හංවැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මෙහෙයුම් මැදිරියක් ද ස්ථාපිත කර තිබෙනවා.

පිපිරීමෙන් නිවාස 300 ක් පමණ සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සීතාවක ප්‍රාදේශීය ලේකම් එම්.එම්.එස්.කේ බණ්ඩාර මාපා කියා සිටියා.

මේ අතර, නිවාස විනාශ වූ පවුල්වල  සාමාජිකයින් තාවකාලිකව කදවුරුවල රැදී සිටීමට අකමැත්ත පළ කිරීම නිවාස අසලින්ම තාවකාලික කූඩාරම් ඉදිකර දීමට යුද හමුදාව තීරණය කර තිබෙනවා.

පිපිරීමෙන් විනාශ වූ විදුලි රැහැන් පද්ධතිය යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු අද සිදුකෙරුණා.

විදුලිබල අමාත්‍යාංශය සදහන් කළේ ප්‍රදේශයට ඇණ හිට ඇති විදුලිබල සැපයුම  අද රාත්‍රිය වන විට යථා තත්ත්වයට පත් කළ හැකි බවයි.

මේ අතර, සාලාව යුද හමුදා කදවුරේ පිපිරීමෙන් මියගිය ලාන්ස් කෝප්‍රල් කේ.ඒ.ජානක චමින්දගේ අවසන් කටයුතු යුද හමුදා ගෞරව සහිතව සිදුකෙරුණා.

ඒ බුත්තල - මැදගම පොදු සුසාන භූමියේදීයි. කිලිනොච්චියේ පස්වන ගජබා රෙජිමේන්තු කදවුරට අනුයුක්තව සේවය කළ ජානක චමින්ද රාජකාරි කටයුත්තක් සදහා සාලාව යුද හමුදා කදවුරට පැමිණ සිටියදී මෙම  අනතුරට ලක් වුණා.

මේ අතර, පිපිරීමෙන් නිවාස විනාශ වූ පුද්ගලයින්ට මසකට රුපියල් 50,000 ක මුදලක් ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories