හිටපු ජනපති හෙට ජපානයට

Thursday, 09 June 2016 - 12:42

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B4%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනෙකු හෙට චීනය බලා පිටත්ව යාමට නියමිතයි.

චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ ආරාධනයක් අනුවයි ඔවුන් චීනය බලා පිටත්ව යාමට නියමිතව ඇත්තේ.

වාර්ෂිකව සංවිධාන කරන මෙම අධ්‍යයන චාරිකාවේ නායකත්වය  දරන්නේ නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීරයි.  

මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙට ජපානය බලා පිටත්ව යනවා.

ජපානයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ඇරයුමකට අනුව එහි යන හිටපු ජනාධිපතිවරයා සතියකට ආසන්න කාලයක් ජපානයේ රැඳී සිටිනු ඇති.

සංචාරය අතරතුර ජපානයේ ඉදිකළ නව බෞද්ධ විහාරස්ථානයක් විවෘත කිරීමේ අවස්ථාවකට ද හිටපු ජනාධිපතිවරයා  එක්වනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories