අනුර සේනානායක යලි රිමාන්ඩ්

Thursday, 09 June 2016 - 13:01

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%9A%E0%B6%B1%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%BA%E0%B6%BD%E0%B7%92+%E0%B6%BB%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A
රගර් ක්‍රීඩක වසීම් තාජුඞීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින බස්නාහිර පළාත භාර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

 අද පෙරවරුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් නියෝග කළේ මොවුන් දෙදෙනා මේ මස 23 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකිරීමටයි.

වසීම් තාජුඞීන් ඝාතනයේ තොරතුරු වසන් කිරීම මොවුන්ට විරුද්ධව එල්ලවී ඇති චෝදනාවයිි.




Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories