ඉන්දීය මිසයිල අලෙවියට චීනයේ අප්‍රසාදය

Thursday, 09 June 2016 - 15:09

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%BD%E0%B7%99%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%A7+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA
ඉන්දියාවේ නිෂ්පාදිත බ්‍රාහ්මෝස් මිසයිලය වියට්නාමය ඇතුළු රටවල් 15 කට අලෙවි කිරීම සම්බන්ධයෙන් චීනය සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.

චීන ආරක්ෂක අංශ උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාවේ මෙම මිසයිල අලෙවි වැඩසටහන හේතුවෙන් චීනය සිය ආරක්ෂක පියවරයන් තහවුරු කරගෙන ඇති බවයි.

වියට්නාමයට අමතරව, ඉන්දුනීසියාව, චිලී රාජ්‍ය, බ්‍රසීලය සහ අප්‍රිකානු රටවල් කිහිපයකට ඉන්දියාව බ්‍රාහ්මෝස් මිසයිලය අලෙවි කිරීමට නියමිතව තිබෙනවා.

ලොව වැඩිම අවි ආයුධ මිලදී ගන්නා රටවන ඉන්දියාව මිසයිල අලෙවි කිරීමට තැබූ මේ පියවර ඉන්දීය ආරක්ෂක ක්ෂේත්‍රය ලබපු ඉදිරි පියවරක් ලෙසයි එරට ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories