සුඩානයේ සාම සාධක කටයුතු සඳහා ගුවන් හමුදාවේ පළමු ආදේශණ කණ්ඩායම පිටත්වෙයි (ඡායාරූප)

Thursday, 09 June 2016 - 18:00

%E0%B7%83%E0%B7%94%E0%B6%A9%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B8+%E0%B7%83%E0%B7%8F%E0%B6%B0%E0%B6%9A+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%86%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%AB+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
දකුණු සුඩානයේ ක්‍රියාත්මක එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා යොදවනු ලැබු අනුප්‍රාප්තික භට කණ්ඩායම දකුණු සුඩානය බලා පිටත්වී තිබෙනවා.

මේවන විට රාජකාරීවල නිරතව වසරක සේවා කාලය අවසන්වු ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ භට පිරිස් වෙනුවෙනුයි මෙම කණ්ඩායම අනුයුක්ත කර ඇත්තේ.

එහි පළමු කණ්ඩායම ලෙස ගුවන් හමුදා සේවා පුද්ගලයන් 55 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඊයේ පිටත්වුනා.

වසරක සේවා කාලය සාර්ථකව අවසන් කල කණ්ඩායම අද දකුණු සුඩානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණියා.

පිටත්ව ගිය සහ දිවයිනට පැමිණි ගුවන් හමුදා සාමාජිකයන්ට සුබ පැතීම සඳහා නිලධාරීන් / සෙසු නිළයන් සහ හමුදා සාමාජිකයන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් ද පිටවීමේ සහ පැමිණීමේ පර්යන්තවලට පැමිණ සිටි බවයි ගුවන් හමුදාව නිවේදනය කලේ.



   



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories