පාර්ලිමේන්තු මහලේකම්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට හේතුවක් නැහැ - පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ තීන්දුව කතානායක දැනුම් දෙයි

Friday, 10 June 2016 - 11:11

%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%9A%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A%E0%B6%A7+%E0%B6%91%E0%B6%BB%E0%B7%99%E0%B7%84%E0%B7%92%E0%B7%80+%E0%B6%AF%E0%B7%9D%E0%B7%82%E0%B7%8F%E0%B6%B7%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%84%E0%B7%9A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%9A%E0%B6%A7%E0%B6%BA%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B4%E0%B7%92%E0%B7%85%E0%B7%92%E0%B6%B6%E0%B6%AF+%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A+%E0%B7%83%E0%B6%B7%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B7%80+%E0%B6%9A%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%AF%E0%B7%90%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් භාර දී ඇති පාර්ලිමේන්තු මහලේකම්වරයාට එරෙහි විශ්වාසභංගයක් ගෙන ඒමට කිසිදු සාධාරණ හේතුවක් නැතැයි පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේ අදහස වී ඇති බව කථානායකවරයා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

කථානායක කරූ ජයසූරිය මේ බව කියා සිටියේ පසුගියදා රුපියල් මිලියන 55 ක පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කර ගැනීම සදහා වූ පැවති ඡන්ද විමසීමේදී ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සදහා පත් කළ සිව් පුද්ගල කමිටු වාර්තාවේ නිර්දේශ ප්‍රකාශයට පත් කරමින්.

එමගින් පාර්ලිමේන්තු මහලේකම්වරයා හෝ අදාළ ඡුන්දය පැවැත්වෙන අවස්ථාවේ මුලසුනේ සිටි මන්ත්‍රීවරයාගේ අපක්ෂපාතීත්වය හෝ ස්වාධීනත්වය සම්බන්ධයෙන් සැකයක් ඇතිවීමට හේතුවක් නොමැති බව දක්වා ඇති බවයි කථානායකවරයා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories