නාරාහේන්පිට අපරාධ අංශයේ හිටපු OICගෙන් රහසිගත ප්‍රකාශයක්

Friday, 10 June 2016 - 12:44

%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%8F%E0%B7%84%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%A7+%E0%B6%85%E0%B6%B4%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0+%E0%B6%85%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+OIC%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B7%84%E0%B7%83%E0%B7%92%E0%B6%9C%E0%B6%AD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
රගර් ක්‍රිඩක වසීම් තාජුඞීන්ගේ ඝාතනය සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික රහසිගත ප්‍රකාශයක් ලබාදීම දැන් ආරම්භ වී තිබෙනවා.

ඒ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් ගේ නිල මැදිරියේදීයි.

ඊයේ දිනයේදී මහේස්ත්‍රාත්වරයා වෙත ප්‍රකාශයක් ලබාදිය යුතු බව ඔහු විසින් දැනුම් දී තිබුණා.

ඒ අනුව අද (10) දිනයේ  යළිත් වරක් සිතා බලා ප්‍රකාශයක් ලබාදීම සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙසයි අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ ප්‍රකාශ කර සිටියේ.

ඒ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපතිවරයා අද කොළඹ  මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන එනු ලැබුවා.

වසීම් තාජුඞීන්ගේ ඝාතනයට අදාළ තොරතුරු වසන් කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ද රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories