ඉන්දියාව ගූගල් වීථි දර්ශන සේවාව ප්‍රතික්ෂේප කරයි

Friday, 10 June 2016 - 13:37

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%9C%E0%B7%96%E0%B6%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%93%E0%B6%AE%E0%B7%92+%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%B1+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B7%8F%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%9A%E0%B6%B4+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ගූගල් සිතියම් සදහා ඉන්දියාවේ වීථි දර්ශන ඇතුළත් කිරීම එරට රජය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ආරක්ෂාව පිළිබඳ ගැටලූ හේතුවෙන් ඒ සදහා ඉඩ ලබා නොදිය යුතු බවට නිර්දේශ කර ඇත්තේ එරට ඔත්තු සේවා විසින්.

ගූගල් ‘‘ස්ට්‍රීට් වීව්’’ නැතිනම් වීථි දර්ශන සේවාව මගින් අංශක 360 ක දර්ශන කෝණයක් ඔස්සේ ඉන්දියාවේ වීථි, සංචාරක නිකේතන, කඳු, ගංගා ආදිය දර්ශන ගත කිරීමට සැලසුම් කර තිබුණා.

ගූගල් වීථි දර්ශන සේවාව සම්බන්ධයෙන් මීට පෙර ද ඇතැම් රටවල් නොසතුට පළ කළා.

ඉන්දීය ඔත්තු සේවා පෙන්වා දී ඇත්තේ මුම්බායි ප්‍රහාරයට පෙර ද ත්‍රස්තවාදීන් සිය ඉලක්ක ඡායාරූප ගත කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක කර ඇති බවයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories