බංග්ලාදේශයේ හින්දු ආශ්‍රමයක සේවකයෙක් ඝාතනය කෙරේ

Friday, 10 June 2016 - 14:39

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B6%86%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B8%E0%B6%BA%E0%B6%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A
බංග්ලාදේශයේ වයඹ දිග පබ්නා ප්‍රදේශයේ හින්දු ආශ්‍රමයක සේවකයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර තිබෙනවා.

අද අලූයම් කාලයේ මෙම ඝාතනය සිදුවී ඇති අතර, පසුගිය අගහරුවාදා දිනයේදී ද බංග්ලාදේශයේ හින්දු පූජකවරයෙකු ඝාතනයට ලක්වුණා.

මුස්ලිම් බහුතරයක් සිටින බංග්ලාදේශයේ සියයට 8 ක් හින්දු ලබ්ධිකයන්.

බංග්ලාදේශයේ සමාජ ක්‍රියාකාරීන් සහ සුළු ආගමික කොටස්වලට ප්‍රහාර පසුගිය කාලය තුළ උත්සන්න වූ අතර, පසුගිය වසරේ ජනවාරියේ සිට එවැනි ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව 40 ක්.

මෙම ඝාතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වන්නේ අයි.එස්.අනුගාමිකයන්ටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories