කුප්පියාවත්ත ග්‍රාම නිලධාරීවරයාගේ අමුතු නියෝගයක්

Saturday, 11 June 2016 - 7:39

%E0%B6%9A%E0%B7%94%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD+%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%B8%E0%B7%94%E0%B6%AD%E0%B7%94+%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%E0%B6%9C%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
තිඹිරිගස්යාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ නැගෙනහිර, කුප්පියාවත්ත ග්‍රාම නිලධාරීවරයාගෙන් සේවාවන් ඉටු කර ගැනීමට පැමිණි ජනතාවට මුහුණ දීමට සිදුවන ගැටළුවක් පිළිබඳව හිරු CIA තොරතුරු වාර්තා වුවා.

ඒ පිළිබඳව සොයා බැලීමේදී අනාවරණය වූයේ නව හැදුනුම්පත් ලබාගැනීමට අයදුම්පත් සම්පුර්ණ කර මෙහි පැමිණෙන ජනතාවට ග්‍රාම නිලධාරීවරයා විසින් පුංචි බොරැල්ල ප්‍රදේශයේ පිහිටි චිත්‍රාගාරයකින් පමණක් ජායාරෑප රැගෙන පැමිණෙන ලෙස නියම කරන බවයි.

ඒ සදහා ජනතාවට මෙම ග්‍රාම නිලධාරී කාර්යාලයේදී රිසිට්පතක් ද නිකුත් කරනවා.

වෙනත් චිත්‍රාගාරයකින් ගෙන එන ඡායාරූප ග්‍රාම නිලධාරීවරයා ප්‍රතික්ෂේප කරන අතර මේ හේතුවෙන් නැවත ඡායාරූප ගැනීම සදහා අමතර මුදලක් වියදම් කිරීමට මෙන්ම සිය වටිනා කාලය ඒ වෙනුවෙන් වැය කිරීමට ද මෙම ජනතාවට සිදුවෙනවා.

ජනතාවගේ මෙම චෝදනාවේ සත්‍ය අසත්‍යතාව සෙවීමට සදහා හිරු සී.අයි.ඒ.කණ්ඩායම අදාල ස්ථානයට ලගා වුණා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories