ජෝර්දානයේ වැලි කතරකින් ඉපැරණි ආකෘතියක් මතුවේ

Saturday, 11 June 2016 - 8:55

%E0%B6%A2%E0%B7%9D%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%90%E0%B6%BD%E0%B7%92+%E0%B6%9A%E0%B6%AD%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92+%E0%B6%86%E0%B6%9A%E0%B7%98%E0%B6%AD%E0%B7%92%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A
දකුණුදිග ජෝර්දානයේ ලෝක උරුම කලාපයක් වන පෙට්රා හි වැලි තලාවෙන් වැසී තිබූ ඉපැරණි දැවැන්ත ආකෘතියක් පුරාවිද්‍යාඥයන් විසින් සොයාගෙන තිබෙනවා.

එකිනෙක වටා ඉදිකෙරුණු ගොඩනැගිලි පෙළක පදනම ලෙස සැලකිය හැකි මෙම ආකෘතිය සොයාගෙන ඇත්තේ චන්ද්‍රිකා ඡායාරූප, ඩ්‍රෝන් ඡායාරූප සහ ගොඩබිම සිදුකළ පරීක්ෂණ මෙහෙයුම්වලින් අනතුරුවයි.

පෙට්රාවේ මෙම පුරාවිද්‍යා වටිනාකමින් යුත් ආකෘතිය ක්‍රිස්තුපූර්ව 4 වන සියවසේ ඉදිකරන ලද්දක් බව සැලකෙනවා.

එහි ඇති ඉපැරණි භාණ්ඩාගාර ගොඩනැගිල්ල ඉන්ඩියානා ජෝන්ස් ඇන්ඞ් ද ලාස්ට් කෲසේඞ් චිත්‍රපටය සඳහා ද යොදා ගැනුණා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories