පක්ෂ 15ක් ජනපතිට

Saturday, 11 June 2016 - 12:59

%E0%B6%B4%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+15%E0%B6%9A%E0%B7%8A+%E0%B6%A2%E0%B6%B1%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B6%A7
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දේශපාලන පක්ෂ 15ක් සමඟ අද පෙරවරුවේ ගිවිසුමකට අත්සන් තබා තිබෙනවා.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සභාපති, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ අද (11) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ නිළ නිවසේදී පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණි බවයි සන්ධාන මහ ලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ.  

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විධායක සභාව ඊයේ ජනාධිපති නිළ නිවසේදී රැස්වූ අවස්ථාවේදී නිදහස් සන්ධානය පුළුල් කිරීමට අනුමැතිය හිමි වුණා.

ඒ අනුවයි පක්ෂ 15ක් සමඟ ගිවිසුමට අද අත්සන් තබා ඇත්තේ.

ඉදිරි පළාත් පාලන මැතිවරණය ඉලක්ක කර ගනිමින් මෙලෙස නිදහස් සන්ධානය පුළුල් කිරීමට තීරණය කර ඇති බවයි ගිවිසුම් ගත වූ පක්ෂ නායකයන් කියා සිටියේ.

ජනාධිපතිවරයා සමඟ ගිවිසුමට අත්සන් තැබූ පක්ෂ අතර හිටපු අමාත්‍ය ආරුමුගම් තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය, ඩග්ලස් දේවානන්දා මන්ත්‍රීවරයාගේ EPDP සංවිධානය ALM අතාවුල්ලාගේ ජාතික කොංග්‍රසය ද සිටිනවා.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන්ගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසයද එක්සත් ජනතා නිදහස් සන්ධානය සමඟ සන්ධානගත වන නව පක්ෂ අතරට අයත්.

ආරුමුගම් තොණ්ඩමන්ගේ ලංකා කම්කරු කොංග්‍රසය සහ ALM  අතාවුල්ලාගේ ජාතික කොංග්‍රසය ද ඉදිරියේදී නිදහස් සන්ධානයට එක්වන බව ඊයේ පැවැති විධායක සභා රැස්වීමෙන් අනතුරුව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා ප්‍රකාශ කළා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories