UPDATE:වාහන බදුවල සංශෝධන කිහිපයක්

Saturday, 11 June 2016 - 13:02

UPDATE%3A%E0%B7%80%E0%B7%8F%E0%B7%84%E0%B6%B1+%E0%B6%B6%E0%B6%AF%E0%B7%94%E0%B7%80%E0%B6%BD+%E0%B7%83%E0%B6%82%E0%B7%81%E0%B7%9D%E0%B6%B0%E0%B6%B1+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
වාහන ආනයනකරුවන් සමඟ අද පැවති සාකච්ඡාවේදී තීරණය වූ පරිදි වාහන බදුවල සංශෝධන කිහිපයක් සිදුකරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

මෙම සාකච්ඡා පැවැත්වුණේ බදු වැඩිකිරීම හේතුවෙන් වාහන ආනයනයකරුවන් මුහුණදෙන ගැටළුවලට පිළිතුරු ලබාගැනීම සඳහායි.

කෙසේ නමුත් අදාළ සංශෝධන හේතුවෙන් වාහන බදු ගණනයේ වෙනසක් නොවන අතර ඒවා ආනයනකරුවන්ට අදාළව සිදු කෙරුණු බවයි සාකච්ඡාවකින් අනතුරුව මුදල් අමාත්‍ය රවී කරුණානායක කියා සිටියේ.  

---------------------------------------------------
තමන්ට බලපාන ගැටළු කිහිපයක් පිළිබඳව වාහන ආනයනකරුවන් මුදල් අමාත්‍ය රවී කරුණානායක සමඟ අද උදෑසන සාකච්ඡාවක් ආරම්භ කළා.

මෙහිදී ප්‍රධාන වශයෙන් අවධානයට යොමු වන්නේ වාහන බදු විශාල වශයෙන් වැඩි කිරීම නිසා පැන නැගී ඇති ගැටළුයි.

වාහන ආනයනකරුවන් පොදුවේ මුහුණ දෙන ගැටළුවලට විසදුම් මෙම සාකච්ඡාවේදී අපේක්ෂා කරන බවයි වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙංචිගේ සාකච්ඡාව ආරම්භවීමට පෙර හිරු ප්‍රවෘත්ති අංශයට ප්‍රකාශ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories