සාලාව රෝහල හෙට ජනතාවට - පිපිරීම ගැන 40 දෙනෙකුගෙන් ප්‍රකාශ

Sunday, 12 June 2016 - 7:37

%E0%B7%83%E0%B7%8F%E0%B6%BD%E0%B7%8F%E0%B7%80+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B6%A2%E0%B6%B1%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+-+%E0%B6%B4%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+40+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F%E0%B7%81
කොස්ගම - සාලාව යුද හමුදා කඳවුරේ ඇතිවු පිපිරීමෙන් විනාශ වූ කොස්ගම රජයේ රෝහල ප්‍රතිසංස්කරණ කටයුතුවලින් පසු හෙට සෞඛ්‍ය බලධාරීන්ට භාරදෙන බව යුද හමුදාව ප්‍රකාශ කරනවා.

එසේම දැනට වසා දමා තිබෙන සියලූ පාසල්ද හෙට දිනයේ විවෘත කිරීමට නියමිතයි.

මේ අතර, රජයේ තක්සේරු නිලධාරීන් 76 දෙනෙකු, කොස්ගම - සාලාව යුද හමුදා කඳවුරේ  පිපිරීමෙන් නිවාස සහ දේපළවලට සිදුවූ හානිය පිළිබඳ තොරතුරු රැස් කිරීම  ඊයේ ආරම්භ කළා.

ඒ, ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 12 ක් නියෝජනය කරමින් සැකසුණු ග්‍රාමීය කමිටු සාමාජිකයන්ද  සමඟයි.  

මෙම පිරිස විපතට පත් ප්‍රදේශවල ගෙයින් ගෙට යමින් ජනතාවගේ ප්‍රශ්ණ සහ ගැටළු පිළිබඳ සොයා බලන අතර, හානි සිදුවු නිවාස පිළිබඳ වාර්තාව හෙට වනවිට සීතාවක ප්‍රාදේශීය ලේකම්වරයාට භාරදීමට නියමිතයි.

ඒ අනුව අනිද්දා සිට වන්දි මුදල් ගෙවීම ආරම්භ කරන බවයි රජය ප්‍රකාශ කරන්නේ.

තක්සේරු වාර්තා ලැබීමෙන් පසු ඒවායේ හිමිකරුවන්ට මාස 3 ක කාලයක් සඳහා රුපියල් 50,000 බැගින් ගෙවීමේ කටයුතු අනිද්දා සිට ආරම්භ කිරීමට නියමිතයි.  

පිපිරීමෙන් විනාශ වූ ප්‍රදේශය පවිත්‍ර කිරීමේ කටයුතු තවමත් සිදුවන අතර ඒ සඳහා හමුදා නිලධාරීන් 3 000 ක් පමණ යොදා ඇති බවයි ඊයේ පැවති මාධ්‍ය හමුවකදී යුද හමුදාවේ බස්නාහිර ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ කියා සිටියේ. 



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories