අනුරාධපුර සහ වෙන්නප්පුවේ පුද්ගල ඝාතන දෙකක්

Sunday, 12 June 2016 - 7:44

%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%BB%E0%B7%8F%E0%B6%B0%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A
කොළඹ හලාවත ප්‍රධාන මාර්ගයේ වෙන්නප්පුව - ශ්‍රී ලංගම ඩිපෝව ආසන්නයේදී පුද්ගලයෙකුට පිහියෙන් ඇණ ඝාතනය කර තිබෙනවා.

ත්‍රීරෝද රථයකින් පැමිණි පුද්ගලයෙකු මෙම පිහි ඇණුම සිදුකර පළාගොස් ඇති අතර, ඊයේ මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ වෙන්නප්පුව - කඩවත ප්‍රදේශයේ පදිංචි එක් දරු පියෙක්.

මෙම පුද්ගලයා යතුරුපැදියකින් ගමන් ගනිමින් සිටියදීයි ඝාතනයට ලක්ව ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය පුළුල් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

මේ අතර, අනුරාධපුර - මහබුලන්කුලම ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පිහියෙන් ඇණ ඝාතනය කර තිබෙනවා.

එම ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බීමත්ව පැමිණ සිය බිරිඳ සමඟ ඊයේ බහින්බස්වීමක් සිදුවී ඇති අතර, එම ස්ථානයට ඔහුගේ මිතුරා පැමිණ තිබෙනවා.

එම අවස්ථාවේදී ගැටුම සමථයකට පත්කිරීමට යාමේදී අදාළ පුද්ගලයා විසින් මිතුරාට පිහියෙන් ඇණ ඝාතනය කර ඇති බවයි අනුරාධපුර පොලිසිය සඳහන් කළේ.

සිද්ධියෙන් මියගියේ මහබුලන්කුලම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි එක් දරු පියෙක්.

ඝාතනය සිදුකළ පුද්ගලයා සිද්ධියෙන් අනතුරුව ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories