නැවත යුද්ධයක් නැහැ

Sunday, 12 June 2016 - 13:17

%E0%B6%B1%E0%B7%90%E0%B7%80%E0%B6%AD+%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B1%E0%B7%90%E0%B7%84%E0%B7%90
යළි කිසිදිනක මෙරට යුද්ධයක් ඇති නොවන බව යුද හමුදාවේ යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක පවසනවා.

යාපනය හමුදා මූලස්ථානයේ ඊයේ (11) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේජර් ජෙනරාල්වරයා කියා සිටියේ යුද්ධයක් නොමැති නමුත් හමුදාව උතුරේ රැදී සිටීම නිසා ඉන් සාමාන්‍ය වැසියන්ට විශාල යහපතක් සිදුවන බවයි.

උතුරේ රැදී සිටින හමුදාව ඉවත් කළ යුතු බවට පසුගියදා උතුරු පළාත් මහඇමති සී.වී.විග්නේෂ්වරන් දිගින් දිගටම චෝදනා කළා.

කෙසේ වෙතත් ඊයේ පැවති මාධ්‍ය හමුවේදී යාපනය ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් මහේෂ් සේනානායක සදහන් කළේ යුද හමුදාව උතුරේ සිවිල් පරිපාලන කටයුතු ශක්තිමත් කිරීම සදහා කටයුතු කරමින් සිටින බවයි.

‘‘දැනට පවතින සාමකාමී වාතාවරණය දීර්ඝ කාලීන ස්ථාවර සාමයක් කරා ගෙනයන්න අපි කැපවෙන්න  ඕනේ. අපේ රට ජයග්‍රාහී යුද, ගුවන්, නාවික වගේම පොලිස් සේවයක් තියෙන රටක්. අපේ දැන් වගකීම වෙන්නේ 30 වසරක යුද්ධයෙන් පීඩාවට පත්ව ජනතාවට සේවය කිරීමයි. යාපනය භාර ආඥාපතිවරයා හැටියට මගේ වගකීම වෙන්නේ තවත් වසර 1000 කට හෝ ආත්ම ගානකට යළිත් යුද්ධයක් ඇති නොවෙන්න වගබලා ගන්න එක. ඒ වගේම සිවිල් පරිපාලනයට සහයෝගය ලබාදෙමින් කෙමෙන් කෙමෙන් රටේ අනෙකුත් ප්‍රදේශවල තිබෙනවා වගේ සිවිල් පරිපාලනය ශක්තිමත් කිරීම.’’



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories